සරසවි සිසුවකු දිවි නසා ගනී.

ප්‍රේම සම්බන්දතාවයක් මුල් කර ගනිමින් බොරැල්ල පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවකු ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ විදුලි පංකාවේ එල්ලී මිය ගොස් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ තරුණිය විසින් ප්‍රේම සම්බන්දතාවය නතර කල හේතුව මත මෙම සියදිවි නසාගැනීම සිදු කරගෙන  ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වි ඇති බව වාර්තා වේ.

මියගියසිසුවා කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි බව වාර්තා වන අතර හෝමාගම රෝහලේදී මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව සදහන්වේ.

මහරගම පොලීසිය සිද්ධිය සම්බන්දව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version