සරසවි සිසුවෙක් සිය දිවි නසාගෙන.

මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් සිය නිවස තුළ දී සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ .

මෙලෙස සිය දිවි නසාගෙන ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිනොච්චිය, විවේකානන්දනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි චන්ද්‍රමෝහන් තේනුජන් නැමති තරුණයෙක් වන අතර මොහු අධ්‍යාපන පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගයෙන් 2021 වර්ෂයේ දී ගණිතය අංශයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව ඇති බව සඳහන් .

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත භාර දී තිබේ.

සිත් තැවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරන අතර මියගිය සරසවි සිසුවාගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරුන් බව අනාවරණය වී තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

Exit mobile version