සහල් ආනයනය අද සිට.

රට තුළ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත් , සහල් ආනයනය කිරීමේ කටයුතු අද (20) සිට ආරම්භ කරන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (20) පස්වරුවේ ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව කීරි සම්බා සහ සම්බා සහල්වලට ආදේශක සහල් ආනයනය කිරීමටත් , දෙසැම්බර් මාසයේ උත්සව සමයේ තව දුරටත් සහල් අවශ්‍යතාව ඇති වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය වැඩි කරන බවත් , රුපියල් 260 ක පාලන මිලක පවතින කීරි සම්බා සහල් කිලෝවක් මේ වන විට රුපියල් 300 ත් 310 ත් අතර මිලක අළෙවි වන බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී .

අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබුවේ මෙරට ප්‍රධාන සහල් ව්‍යාපාර ආයතන තුනක් මෙසේ විශාල වශයෙන් සහල් මිල ඉහළ දැමීමට මූලික කටයුතු සිදු කරන බවත් , එම තත්වය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්‍ෂණයක් පවත්වමින් සිටින බවත් , එහි ප්‍රතිඵල ඉදිරි දින කීපයේදී නිකුත් කරන බවත් ය.

Exit mobile version