සහල් මෙට්‍රික් ටොන් 600ක් දිවයිනට .

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සමග එක් වූ යු.එස්.එයිඩ් ආයතනය සහල් මෙට්‍රික් ටොන් 600ක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව වාර්තා වේ. මෙම සහල් තොගයෙන් ගර්භනී හා කිරිදෙන මව්වරු ලක්ෂ 3කට  සහ පාසල් දරුවන් මිලියන 1.7කට  ලබා දීමට ප්‍රමාණවත් බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙම වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 3,950ක් , සෝයා මෙට්‍රික් ටොන් 1,188ක් , රතු පරිප්පු මෙට්‍රික් ටොන් 768ක් බඩ ඉරිගු මෙට්‍රික් ටොන 2,310ක් ඉදිරියෙදී ලබා දීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

Exit mobile version