ස්පා තෙරපිවරියන්ට පුහුණුව සහ ලියාපදිංචි සහතිකයක් .

ස්පා තෙරපිවරියන්ට පුහුණුවක් සහ ලියාපදිංචි සහතිකයක් ගෙන ඒමට නියමිත ආයුර්වේද පනත මගින් සම්බාහන ආයතනයක් විධිමත් කර එහි සේවය කරන වෘත්තීකයින්ට තාක්ෂණික පුහුණුවක් දී ආයුර්වේද වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබා දීමට බලාපොරොත්තු වන බවට දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

දැනට රට පුරා විසිරී තිබෙන ස්පා නැතහොත් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් හා නිල අවසරයකින් තොරව වන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ආයුර්වේද චිකිත්සාව තුළ භාවිතා වන පංචකර්ම චිකිත්සාව යොදාගනිමින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර මේ වන විට ආයුර්වේද චිකිත්සාව අයාලේ යන තැනකට පත් කර ඇති බවටද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version