ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000 ක් අද දිවයිනට.

රුසියාවේ නිෂ්පාදනය කරනු ලබන “ස්පුට්නික් v” එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන අද (11) අලුයම දිවයිනට රැගෙන විත් ඇත.

මෙලෙස එන්නත් මාත්‍රා 15000 ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපලට රැගෙන විත් තිබූ අතර මෙලෙස රැගෙන ආ එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ශීතකරණ පහසුකම් සහිත ලොරි රථයක් මගින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන එනු ලැබීය.

Exit mobile version