මැදිරි 100 කින් සමන්විත 1.9 KM ක් දිගැති ලොව දිගම මගී දුම්රිය ඇල්ප්ස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් වාර්තාවක් පිහිටුවීමට ස්විට්සර්ලන්ත දුම්රිය රියදුරෙකු සමත් වී ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම දුම්රිය කිලෝමීටර 25 ක් දුර ධාවනය කර ඇත. ස්විට්සර්ලන්ත දුම්රිය සේවයට වසර 175 ක් සපිරීම නිමිත්තෙන් මෙම ගමන සංවිධානය කර ඇති අතර එම දුම්රිය ධාවනය කළ උමං 22 ක් සහ පාලම් 48 ක් ඇති ඇල්ප්ස් දුම්රිය මාර්ගය 2008 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසට නම් කර ඇත
