සාගල කැබිනට්ටුවටත් කොකා පෙන්නලා ඇටේ පිටි කරන ගේමක් ගහලා – මාෆියාවක් ලු

ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා බහුජාතික සමාගම් දෙකක් සමඟ එක්වී මෙරටට තිරිඟු පිටි ආනයනය නතර කර ඇති බවත් , බහුජාතික සමාගම් දෙකකට ඒකාධිකාරී බලය පවරා දෙමින් බරපතල විෂමාචාරයක නිරතවන බවත් ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු අනාවරණය කර ඇත්තේ සාගල රත්නායක මහතා කැබිනට් මණ්ඩලයට හෝ නො දන්වා තිරිඟු පිටි ආනයනය නතර කර ඇති බවයි.

තිරිඟු පිටි ආනයනයේ දී කිලෝවක් සඳහා රුපියල් 35 මුදලක් අය කෙරෙන බවත් , ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝව රුපියල් 110 ක අගයක පවතින අවස්ථාවක මෙම බදු මුදල ද එක් කොට ව්‍යාපාරිකයන්ට ලාභ උපයා ගනිමින් කිලෝවක් රුපියල් 165 ක වැනි මුදලකට අලෙවි කිරීමේ අවකාශය පවතින බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ .

කෙසේ වෙතත් සාගල රත්නායක මහතාගේ මැදිහත් වීම මත තිරිඟු පිටි ආනයනය නවතා කිලෝවක් රුපියල් 3ක බදු මුදලකට යටත් වන සේ බහු ජාතික සමාගම් දෙකකට තිරිඟු ඇට ආනයනය කිරීමට ඉඩ ලබා දී ඇති බවත් ඔහු හෙළි කර තිබේ .

එම වාසිය ද හිමි කර ගත් අදාළ බහුජාතික සමාගම් තිරිඟු පිටි කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 215 වැනි මුදලකට බවත් , මෙවැනි කටයුතු හරහා ජනතාව විශාල සුරා කෑමකට ලක් කරමින් සිටින බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබේ .

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් ,

Exit mobile version