සාදයේ සතුට මරණයෙන් කෙලවරවේ.

ඊයේ (27) දින රාත්‍රියේ  උත්සව ශාලාවක පිහිනුම් තටාකයකට වැටී තරුණයකු මිය යාමේ පුවතක් ඇල්පිටිය 9 කණුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

මිතුරකුගේ උපන්දින සාදයක් සදහා සහභාගී වී  සිටියදී සාදය සදහා පැමිණ සිටි තරුණයන් බීමතින් විනෝද වී ඇති බවයි වාර්තා වන්නේ.

ටික වීලාවකට පසු මියගිය තරුණයාගේ මිතුරන් විසින් ඔහු සොයන විට  ඔහු නොසිටි බැවින් සිදුකරන ලද  සොයා බැලීමෙදි ඔහු පිහිනුම් තටාකයේ පාවෙමින් සිටිනු දැක තිබේ.

ඒ අවස්ථාවේ පිහිනුම් තටාකයෙන් ගොඩට ගෙන ඇල්පිටිය රෝහලට ඇතුලත් කරන විටත් මෙම තරුණයා මිය ගොස් සිටි බවයි සදහන් වන්නේ.

අනතුර පිලිබදව ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version