සැමියා ඝාතනය කල බිරිද ඇතුළු 11ක් දැලේ.

පොලුවලින් හා මොට ආයුධවලින් පහර දී තම සැමියා ඝාතනය කල බිරිද ඇතුළු 11 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

පසුගිය 21 වනදා මෙම පුද්ගලයා ඝාතනය කර තිබු අතර ඔහුගේ බිරිද පොලිසියට පවසා ඇත්තේ  නාදුනන පිරිසක් පැමිණ තම සැමියා ඝාතනය කොට පලා ගිය බවයි.

කෙසේ නමුත් පොලිස් විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත්තේ මිය ගිය පුද්ගලයාගේ බිරිද, බිරිදගේ මව, බිරිදගේ පියා, බිරිදගේ සහෝදරයන් සිවු දෙනකු මෙම ඝාතනයට සම්බධ බවට යි.

ඒඅනුව ඔහුන් අත්අඩංගුවට ගෙන ඇතිඅතර පවුලේ ඇතිවූ ආරවුලක් දුරදිග යාම ඝාතනයට හේතු වී ඇති බව වාර්තා වේ.

අද (27) දින සැක කරුවන් යාපනය මහේස්ත්‍රාත් අදිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version