සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා.

පවුල් ආරවුලක් නිසා වෙන්ව සිටි බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ සැමියෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම යුවළ අතර තිබූ ආරවුල් හේතුවෙන් මොවුන් දෙදෙනා වෙන්ව ජීවත්ව තිබෙන අතර සිය බිරිඳට අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවතින බවට ලැබුණු තොරතුරක් මත මෙලෙස තම බිරිඳගේ ගෙල තියුණු ආයුධයකින් කපා  ඝාතනය කර තිබෙන බව සඳහන්.

මරණකාරිය වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (16) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version