සිංහලයන් විසින්ම සිංහලයන් මරා දැමීමට තරම් ප්‍රබල තත්වයකට රට ගමන් කරන ලකුණු.!

ශ්‍රී ලංකාවේ පවතින දැඩි පීඩාකාරී තත්වය හේතුවෙන් සියලුම පුරවැසියන් එක්වරම. එකම දිනයකදී රට පුරා නැවතත් එක් වීමට සූදානම් වෙමින් සිටි. ඒ අතර තවත් වැසියන් තම වාහන සියල්ලම මාර්ගයේ නවතා දැමීමට ද සූදානම් වෙමින් සිටි.

පැවති අරගලයන් නිමා වෙමින් තිබුනේ යයි බොහෝ දෙනෙකු විවිධ උපකල්පනවලට පැමිණ සිටි නමුත් දිනෙන් දිනම ජනතා ගැටළු උග්‍ර වෙමින් පවතී. එහෙත් ශ්‍රී ලංකාවේ පාලක පන්තිය ඒ පිලිබඳව තැකීමක් නොකරන බව පෙනෙන්නට තිබේ.

මේ වන විට ජනතාවගේ කුපිත වීම වැඩි වෙමින් පවතී. ජනතාව නැවතත් පාර්ලිමේන්තුවට වෛර කිරීම ආරම්භ කර තිබේ. කොයි මොහොතේ හෝ නිමා ගැනීමට නොහැකි විනාශයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරනු ඇත. ආරක්ෂක අංශ හෝ ඒවා නිසිලෙස හදුනාගෙන ඇතැයි අප විස්වාස නොකරමු. එයට හේතු තිබේ.

පසු ගිය 9 වැනිදා සිද්ධියට ශ්‍රී ලංකාවේ රජය මෙන්ම ආරක්ෂක ලේඛම් පවා ඇගිල්ල දික් කලේ එක්තරා දේශපාලන පක්ශයකටය. ඔවුන් නොකියා පැවසුවේ එය ගාලු මුවදොර ප්‍රාහාරයෙන් පසුව සිදු වූ සිද්ධීන්ට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවය. අප කණගාටු විය යුත්තේද එයටමය. හේතුව නම් විවිධ අරගලවලට හේතුව වුයේ මෙරට තිබුණු සහ තිබෙන ප්‍රශ්න බව තේරුම් ගැනීමට පාලක පන්තියට නොහැකි වීමයි.

ඛනිජ තෙල් ඇමති කාංචන විජේසේකර බොරු කියන්නට පටන්ගත්තේද අද ඊයේ සිට නොවේ. ඔහු දිගින් දිගටම හැසිරුනේ රටට, ජනතාවට වගකිව යුතු අමාත්‍යවරයෙක් ලෙස නොවේ. ඔහු අවසාන වශයෙන්ද රටට බොරු කියා රට ගිනි තැබුවේය. ඒ පසුගිය 25 වැනිදාය. ඔහු ප්‍රකාශ කලේ නැවත ලංකාවට ඉන්ධන නැවක් පැමිණෙන දිනයක් පැවසිය නොහැකි බවයි. ඒ අස්සේ ඔහුගේ ප්‍රකාශයේ සහ හැසිරීමේ රහසද එලියට ආවේය. එනම් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම් හල් විකිණීම පිළිබඳවය. සමාජ මාධ්‍ය ජාලවල ඔහුට අමතා තිබෙන ආකාරය අපට ලිවීමට පවා නොහැක.

අපද කුමන ආකාරයෙන් අනතුරු හැඟවීම් කලද, පාලක පන්තියේ අයහපත් හැසිරීම හමුවේ ඒවා ඔවුන්ට වැඩක් නැති බවද පැහැදිලිය.  

මේ ගැටළු හමුවේ මේ වන  විට රට පුරා ජනතාව නැවත වීථි බැසීමට එකිනෙකා සමග කතිකා කරමින් සිටිති. නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් ඒ වෙනුවෙන් එකතුවන බවක් තවමත් අපට දැනගන්නට නැත. එක්වරම ලක්ෂ ගනනාවක් කොළඹට පැමිණීමට,  නගරයක් නගරයක් පාසා වාහන දමා පාරවල් වසා  දැමීම ආදී විවිද දේ සදහා ජනතාව කතා වෙමින් පවතී. එයින් හැගවෙන්නේ පසුගිය 9 වැනිදා හමාගියේ ජලගැල්මක්  නම් ඉදිරියේදී පැමිණෙන්නේ සුනාමියක් බවයි.    

එසේම ලෝක ඉතිහාසය ගත්විට මෙවැනි අවස්තාවන්වලදී සිදුව තිබෙන්නේ ජනතාව දහස් ගනනින් රජයන්ට විරුද්දව සාමකාමිව කටයුතු කිරීම සහ සාමකාමිව කටයුතු කිරීම මගින් ප්‍රතිපල නොලැබෙන විට විවිධ සංවිධාන නිර්මාණය වී එම සංවිධාන වලට අවි ආයුධ ලැබීමයි. ශ්‍රී ලංකාව මේ ගමන්කරමින් තිබෙන්නේ එම විනාශකාරී මාර්ගය වෙත විය හැකිය. එය එසේ සිදු වුහොත් සිංහලයන් විසින් සිංහලයන් මරා දැමීමේ අප කිසිදා ප්‍රාර්ථනා නොකරන දේ සිදුවනු ඇත. එය එසේ සිදු වුවහොත් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ පාලකයන්, ආරක්ෂක අංශ මෙන්ම වගකිව යුතු වැසියන් ඒවා ත්රුම් නොගැනීමේ මහා වරද නිසාය.

Exit mobile version