සිංහ කොදෙව් දෙවැනි සටන අද ආරම්භ විය

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟාවලියේ ප්‍රථම දිනය නිමාවන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස්කරගෙන තිබුණි.

පළමු කඩුල්ල සඳහා කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක ලකුණු 106ක්  එක් කර ඇත.

දිමුත් කරුණාරත්න රෝස්ටන් චේස් ගේ පන්දුවක් හමුවේ ලකුණු 34කට දැවී ගියේ ය.

ඒ අනුව අද දිනය නිමා වන විට පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 61ක් සහ ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 02ක් ලබා සිටියේ ය.

Exit mobile version