සිමෙන්ති මිල යළි ඉහළට

සිමෙන්ති කිලෝගෑම් 50ක මිල තවත් රු.177.00 කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති අතර සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ක නව මිල රු.1275.00කි.

මීට පෙර ඔක්තෝම්බර් මාසයේ දී ද සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක මිල රු.93.00 කින් ඉහළ දැමූ අතර සිමෙන්ති කොට්ටයක පැවති මිල වන්නේ රු.1093.00 කි.

ඒ අනුව මෙලෙස දින 30ක් ඇතුළතදී සිමෙන්ති මිල ඉහළ නැංවූ දෙවන අවස්ථාව මෙයයි.

Exit mobile version