සිය ගිනි අවියෙන් පොලිස් නිලධාරියෙක් වෙඩි තබාගනියි

පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් සිය සේවා ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇත.

අදාළ නිලධාරියා වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේ පිහිටි විශේෂ කාර්ය බළකා කඳවුරේ දීය.

මිනුවන්ගොඩ  උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 36 හැවරිදි පොලිස් කොස්තාපල් වරයෙක් මෙලෙස මියගොස් ඇත.

පුත්තලම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර ඔහු සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නැත.

Exit mobile version