සිරිපාදේ ගිහින් එනගමන්, 17 තරුණයෙක් පල්ලෙබැද්දේදී මරුට

තංගල්ලෙන් ගොස් සිරිපාදේ වැද නැවත නිවෙස් බලා පැමිණෙමින් සිටි වන්දනාවේ ගිය නඩයක් රැගත් බස් රථයක් අද (14) උදෑසන 4.30 ට පමණ පල්ලෙබැද්ද කරුවල ගහ හන්දිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව තිබේ.

මෙම අනතුරෙන් උදුවපිටිය, බෙරලපනාතර, උරුබොක්ක ලිපිනයේ පදිංචි හේවගේ තුෂාන් නැමති අවුරුදු 17 ක්‌ පමණ වයස තරුණයෙකු මියගොස් තිබේ.

බස් රථයේ ඉංජින් පෙට්ටිය මත වාඩි පැමිණ ඇති බව පැවසෙන මෙම තරුණයා බස් රථය මාර්ගයෙන් එලියට පැනීමත් සමගම ඉන් එලියට විසි වී එම බසයටම යට වී ඇති බව බස් රථයේ පැමිණි අනෙක් උදවිය ප්‍රකාශ කරන ලදී.

Exit mobile version