සිරිල් ගාමිණී පියතුමා CID වෙත

අද(15) උදෑසන ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.

එතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කරන ලද දැනුම් දීමකට අනුව මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව කරන ලද පැමිණිල්ලකට  අනුව ප්‍රකාශ ලබා දී සඳහාය.

Exit mobile version