ගම්පොල ප්රදේශයේ සිව් දරු මවක් ගසකින් වැටී මියයාමේ පුවතක් වාර්තාවේ.
සිව්දරු මවක් වන මැය දරුවන්ගේ කුසගිනි නිවීමට කොස් කැඩීම සදහා ඉකුත් 10 වන දා කොස් ගසකට නැගී අවස්තාවේ අවාසනාවන්ත ලෙස ගසෙන් වැටී ඇති බව වාර්තා වේ.
ගසෙන් වැටුණු පසු ඇය ගම්පොල රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී දින ගණනක් ප්රතිකාර කරමින් සිටයදී ඊයේ (18) දින මිය ගොස් ඇති බව වාර්තා වේ.
ගැහැණු දරුවන්ම හතර දෙනකු සිටින මෙම කාන්තාව 50 වියැති ගම්පොල, නාරංවිට, බණ්ඩාරවත්ත ප්රදේශයේ පදිංචි බවයි සදහන්වන්නේ.
