බඹරුන් විසින් දෂ්ඨ කිරීම නිසා රෝගාතුරව හිගුරක්ගොඩ රජයේ ගොවිපල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු අද (10) උදෑසන හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුහල් පරිශ්‍රයේ තිබූ ගසක බඹර කූඩුවක සිටි බඹරු ඇවිස්සී ඇති බවට සැක පළ කරනු ලබයි.
දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවට වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.
