සිසුන් 200ට අඩු පාසල් අද ඇරඹේ

කොවිඩ් වෛරසය හේතුවෙන් වසා තිබූ පාසල් යළි ආරම්භ කිරීම අද (21) සිට.

ඒ අදියර කිහිපයක් යටතේ වන අතර අද දිනයේ ප්‍රථම අදියර වශයෙන් ආරම්භ වන්නේ ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ වේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයකදීම පාසල් වසා තැබුණු අතර මෙම වසරේ අප්‍රේල් මස වසා දැමුණු පාසල් පළමුවරට ආරම්භ කෙරුණේ අද දිනයේ ය.

පාසල් 3000ට වඩා වැඩි ප්‍රමාණයක් අද දිනයේ ආරම්භ වන අතර ඒ සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් මේ වන විට සපයා ඇති බව පවසයි.

Exit mobile version