” සීතාවක ඔඩිසි ” හෙට සිට ධාවනයේ.

” සීතාවක ඔඩිසි ” දුම්රිය හෙට (26) සිට ජනතාවට විවෘත බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.මෙම දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් අරඹා ‘වග ‘ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බව එම දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඊ.එස්.පොල්වත්තගේ මහතා ප්‍රකාශ කරන ලදී.

මෙම දුම් රියේ ආසන 44 බැගින් වූ සාමාන්‍ය මැදිරි 3 ක් , ආසන 44 බැගින් වූ වායු සමනය කළ මැදිරි 2 ක් , ආසන 74 කින් සමන්විත එක් මැදිරියක් ඇති බව වාර්තා වේ.

Exit mobile version