සීදූවේ හිස් ඉඩමක පුපුරණ ද්‍රව්‍ය තොගයක් .

කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සීදූව , ලියනගේ මුල්ල ප්‍රදේශයේ හිස් ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ .

එලෙස සොයා ගත් ද්‍රව්‍ය අතරේ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , ඇමෝනියම් නයිට්‍රේට්වලට සමාන පුපුරණ ද්‍රව්‍ය කරල් දෙකක් , සේවා නූලක් , ගුවන් යානා නාශක සඳහා භාවිතා කරන මිලිමීටර් 97 ජීව උණ්ඩ දෙකක් , කුඩා අවියක ඇතුළත කොටස් 17 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් තිබූ බව සඳහන් .

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ .

Exit mobile version