සීනි සඳහා පනවන ලද පාලන මිල අභිබවා යමින් ඇතැම් වෙළඳුන් විසින් සීනි අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
පසුගිය දිනෙක සුදු සහ දුඹුරු සීනි සඳහා සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහි සුදු සීනි කිලෝග්‍රෑමයක් රු.125ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රු.128ක් ලෙස සඳහන් වී ඇත.
එසේ තිබිය දී ඇතැම් වෙළඳුන් විසින් එම මිල පාලනය නොසලකා හරිමින් වැඩි මිලට අලෙවි කරන බවයි වාර්තා වී ඇත්තේ.
කෙසේ වෙතත් ආනයන සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් මුල් කරගනිමින් පාලන මිල ඉක්මවා යමින් සීනි අලෙවි කරන බවට තොරතුරු වාර්තා වි ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ.
