විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ මේ වන විට වෙළඳපොළේ හටගෙන ඇති සීනි සම්බන්ධ අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කර ගැනීම සඳහා ඒ සම්බන්ධයේ වෝහාරික වාර්තාවක් අවශ්‍ය බවයි.
මේ සම්බන්ධයෙන් තමන් විසින් අවස්ථා කිහිපයකදීම මුදල් පිළිබඳව කාරක සභාවේ දී අවධාරණය කළ බවද ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පසුගිය දා එම කාරක සභාවේ දි සඳහන් කර ඇත්තේ , ලඟදීම රාජ්‍ය ගිණුම් කාරක සභාව ඔස්සේ එය ඉදිරිපත් කළ පසු ඒ පිළිබඳව දීර්ඝ ලෙස සංවාදයක නිරතවීමට මුදල් පිළිබඳ කාරක සභාවට හැකියාවක් පවතින බවයි.