වෙළඳුන් සහ පාරිභෝගීකයින් පෙන්වා දෙන්නේ මේ වන විට සීනි මිල ඉතා සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බවයි.
සීනි සඳහා පනවා ඇති පාලන මිල අභිබවා යමින් වෙළෙඳුන් විසින් සීනි අලෙවි කරන බවත් එම පාලන මිලට අනුව මේ වන විට වෙළඳපොලේ සීනි නොමැති බවත් වාර්තා වේ.
ඇතැම් ප්‍රදේශයන්ගෙන් මේ වන විට සීනි හිඟයක් ද පවතින බව වාර්තා වන අතර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරන්නේ දේශීය සීනි මිල ඉහළ නැංවීමට ඉඩ නොතබන බවත් සීනි ආනයනය කිරීම තුළින් මිල පාලනය කිරීමට කටයුතු කරන බවත්ය.
