හෙට (26) දිනය සුනාමි ව්‍යවසනය සිදුව වසර 17ක් සපිරේ.
හෙට (26) පෙරවරු 09.25 සිට මිනිත්තු දෙකක කාලයක් සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කරනුවස් නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙසට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.
හෙට (26) හික්කඩුව – පැරෑලිය දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ පිහිටි ස්මාරකය අසල දී මෙහි ප්‍රධාන අනුස්මරණ වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන් ම ඊට සමගාමීව සියලු දිස්ත්‍රික්කවල ආගමික වැඩසටහන් පැවැත්වීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කර ඇත.
