සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන සිනමා නළුවෙක් මෙන් ම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ව කටයුතු කළ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මියයන විට වයස අවුරුදු 72වියෙහි පසුව ඇති අතර අද (10) අලුයම ඔහු සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු සිය දිවි ගමනේ දී චිත්‍රපට 54ක් අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවේ වාණිජ වශයෙන් සාර්ථක වූ සිනමා නිර්මාණ රාශියකට ඔහු දායකත්වය දක්වා තිබුණි.

ඔහු මෙලෙස අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයක් ලෙස ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ සහ ඔබටයි ප්‍රියේ ආදරේ වැනි චිත්‍රපට ගණනාවක් ඇත.

කෙසේ නමුත්, සිංහල කලා කෙතේ තවත් එක් දැවැන්තයෙකු මෙසේ සිය සමුගැනීම සනිටුහන් කර ඇත.

Exit mobile version