සුරා බදු වැටලීම්වල ඉහළ යාමක්

සුරාබදු නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 516 දෙනෙකු මේ මස මුල් සතිය තුළ දී අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ වැටලීම් නොවැම්බර් මස 01 වනදා සිට 08 වනදා තෙක් කාලය තුළ දී සිදුකළ බවයි.

ඒ අනුව සුරාබදු පනත් උල්ලංඝනය කළ පුද්ගලයින් 391 දෙනෙකු සහ අන්තරායකර ඖෂධ පිළිබඳ ආඥාපනත උල්ලංඝනය කළ පුද්ගලයින් 73 දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දුම්කොළ බදු පනත හා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත උල්ලංඝනය කළ පුද්ගලයින් 52 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහිදී රුපියල් මිලියන 05 ක වටිනාකම ඉක්මවා ගිය නඩු භාණ්ඩ සිය භාරයට ගත් බවයි.

සුරාබදු දෙපාරතමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ සුරාබදු බලපත්‍ර කොන්දේසී කඩකිරීම සම්බන්ධයෙන් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 87කට විරුද්ධව උපරිම දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවයි.

Exit mobile version