සුසිල් ප්‍රේමජයන්ත මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර ඇත.
මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව බව වාර්තා වේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා කටයුතු කරන ලදී.
පසුගියදා ඔහු විසින් රජය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරන ලද අතර එහි දී ඒහු සඳහන් කර තිබුණේ “කරන්නට බැරි දේ කරන්නට ගොස් රටට මහත් ව්‍යවසනයකට පත්ව ඇති බවත් දැන් කළ යුත්තේ කරන්නට පුළුවන් කණ්ඩායමකට රට භාරදී ඉවත් වීම” බවයි.
