සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කරුවන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ප්‍රසන්න ලියනආරච්චි මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ ඉදිකිරීම් ව්‍යාපෘති වලට අදාළව ප්‍රමාද බිල්පත් වල රුපියල් බිලියන 195ක පමණ මුදලක් රජයෙන් අයවීමට ඇති බවයි.

කෙසේ වෙතත් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව ගෙවිය යුතු මුදල් වලින් කොටසක් ගෙවීමට නියමිත බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එසේම ප්‍රථමයෙන්ම මහා පරිමාණ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ඉදිකිරීම් කරුවන්ට හැර අනෙකුත් සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කරුවන්ට මෙම ගෙවීම් සිදු කිරීමට නියමිතව ඇත.ඒ අනුව මෙම මාසයේදී අදාළ සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කරුවන්ට රුපියල් බිලියන 10ක මුදලක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ප්‍රකාශ කර ඇත.

Exit mobile version