සෙල්ෆියක් බිළිගත් ජීවිතය.

තරුණයෙකු හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ දිය ඇල්ලකට ඇදවැටී මියගොස් ඇත.

තරුණයින් දෙදෙනෙකු පසුගිය 02 වනදා හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ පිහිටා ඇති දිය ඇල්ලක් නැරඹීමට පැමිණ ඇත.

මෙම තරුණයෙක් එම ඇල්ල අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී පය ලිස්සා දිය ඇල්ලට ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.

හල්දුම්මුල්ල ප්‍රදේශ වාසීන් සහ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසි කිරීමේ අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ පහළින් වූ දිය වළක තිබී තරුණයාගේ මළ සිරුර ඊයේ (03) සොයාගෙන ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් වන වැලමිටියාව ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැටිදුර විමර්ශන කටයුතු හල්දුම්මුල්ල පොලිසිය විසින් සිදු කරයි.

Exit mobile version