සේවක අර්ථසාධක අරමුදල අධිභාර පනත් කෙටුම්පතින් ඉවතට

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර තිබෙන අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන්  කරමින්  සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉකුත් 23 වැනිදා මෙම  පෙත්සමක් ගොනු කරනු ලැබිණි.

එම පෙත්සම ඊයේ (02) යලි සලකිල්ලට ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අලුවිහාරේ, ඒ. එච්. එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේදීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ  අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 13ක් අධිභාර පනත්  විධිවිධාන කෙටුම්පතින් ඉවත් කරන බවයි.

එම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාව ගේ සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම පෙත්සමෙන් ඉල්ලා ඇති අතර අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ඇත.

Exit mobile version