සොරකම් කිරීමට ගිය අයෙක් විදුලි සැර වැදී මරුට .

ඊයේ (24) රාත්‍රියේ අම්බලන්තොට , මාමඩල , යාය 11 ප්‍රදේශයේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේ සොරකමේ ගිය බාල සොයුරාට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මොහු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙකු බවත් ඒ සදහා මුදල් සොයා ගැනීමට සොරකමේ යෙදෙන බවත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන ලදී .

වැඩිමහල් සහෝදරයාගේ නිවසේ සොරකමේ ගිය අවස්ථාවේ දී එම නිවසේ තිබූ ත්‍රී රොද රථයේ ආරක්ෂාවට යොදා තිබූ විදුලි රැහැනේ පැටලී මෙසේ ජීවිතක්ශයට පත් වූ බව කියයි.

මරණකරු 35 හැවිරිදි අයෙක් වන අතර මොහු රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව පැමිණි අයෙක් බව කියයි.

මෙසේ විදුලි සැර වැදීමෙන් පසු වැඩිමහල් සහෝදරයා විසින් මරණකරුගේ දෑත් දෙපා ගැට ගැසා ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සදහන් කරයි .

Exit mobile version