සොරබොර සිව් දරු පියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට .

ඊයේ (18) දින රාත්‍රියේ 10.30 ට පමණ මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සොරබොර ග්‍රාම නිලධාරී වසමේ සොරබොර ශ්‍රී අශෝකාරාම විහාරස්ථානය අසළ මාර්යේ දී ත්‍රී රෝද රථයෙකින් ගමන් කළ පුද්ගලයෙකුට වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

ඔහු මහියංගනය නගරයේ රාත්‍රී කුලී ත්‍රී රෝද රථ රියදුරෙක් වන අතර , මොහුගේ දරුවාගෙන් ලද පණිවිඩයකට අනුව සොරබොර ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත ගමන් කරමින් සිටිය දී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව තිබේ.

වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සොරබොර වැව පාර , මහියංගනයේ පදිංචි 61 හැවිරිදි සිව් දරු පියෙක් බව සඳහන්.

Exit mobile version