රට තුළ පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශ සදහා ඉන්ධන ලබා දීමට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 44 ක් නම් කර ඇත.
ඒ අනුව සිකුරාදා දිනයේදී පමණක් වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් සදහා එම ඉන්ධනහල් වලින් ඉන්ධන ලබා දීමට කටයුතු සුදානම් කර ඇත.
පසුගිය දා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරීන් චෝදනා කළේ තමන්ට ඉන්ධන ලබා ගැනීමේදී අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.
ඒ අනුව මෙම ඉන්ධන පිරවුම්හල් 44 නම් කර ඇත්තේ දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි ය.
