සෞඛ්‍ය ලේඛම් හෙඳියන්ට කඩේ යයි. එක් දරුවෙක් හෝ මවක් මිය ගියහොත් එහි වගකීම මුරුත්තෙට්ටුවේ හිමි සහ ඇමති භාරගත යුතුය.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් අද සිට (31) මාරාන්තික අඛන්ඩ උපවාසයක නිරත වෙනවා. මේ වන විටත් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට එය ආරම්භ කර තිබේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි ව්‍යවස්ථාවට අනුව තෙවන ශ්‍රේණියේ නිලදාරිනියක් වශයෙන් සේවයට එක් වී දෙවන ශ්‍රේණිය, අධි ශ්‍රේණිය හා විශේෂ ශ්‍රේණිය වශයෙන් තම සේවා කාලය අනුව උසස්වීම් ලැබීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි සේවයේ සාමාන්‍ය සේවා පටිපාටිය වුවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ බලපෑම මත සෞඛ්‍ය ලේකම්වරයා විසින් එසේ උසස් කරන ලද නිලධාරිනියන් 5 දෙනෙකුගේ එම තනතුරු අහෝසි කිරීමට කටයුතු කර තිබෙන බැවින් මෙම අඛණ්ඩ උපවාසය සිදු කරන බව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි.

එසේම ඇය තව දුරටත් සදහන් කරන්නේ මෙම උපවාසය මත පවුල් සෞඛ්‍ය සේවිකාවක්, ගර්භනී මවක්, දරුවෙක්  මරණයට පත් වුවහොත් වගකීම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය ලේඛම්, සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ රජය දැරිය යුතු බවයි.

https://drive.google.com/drive/folders/1Y1OdqBiwFU-ZDhAsuFwX3rvYJmYFuMwd?usp=sharing
https://drive.google.com/file/d/1k-ypjHSCJ4oA57emaT_A-Z1Dg9ccZsbu/view?usp=sharing
https://drive.google.com/file/d/1qS_8Nl5Dg66SwU0R0sLDmchonjmfu7D6/view?usp=sharing
Exit mobile version