අද (18) දිනට යෙදී ඇති ඉල් පුන් පොහෝ දිනය නිමිත කරගනිමින් බොහෝ පිරිස් වන්දනා ගමන්, චාරිකාවල නිරතව සිටින අයුරක් රට තුළ පෙනීයනවා.
කෙසේ නමුත් මෙම චාරිකාවන්ගේ නිරත පුද්ගලයින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් චෝදනා එල්ල කර ඇත.
එමෙන් ම ඇතැම් පිරිස් වගකීම් විරහිත අයුරින් කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
මේ වන විට යම් චාරිකාවක නිරතව සිටින පුද්ගලයින් ඔබ සිටින ස්ථානයේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කරන ලෙසට එතුමා විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
එමෙන් ම මෙම සතිඅන්ත නිවාඩුව වගකීම් විරහිත ලෙස කටයුතු කර ඉදිරියේ දී පැමිණෙන නත්තල් කාලය තුළ දී රට වසා දැමීමට කටයුතු කරනවාද? පාසල් වසා දැමීමට කටයුතු කරනවාද? යන්න ඔබ සැමගේ තීරණයක් බව ද මෙහි දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර ඇත.
