හතරලියද්ද කුකුල් ගොවිපලකින් කුකුලන් හොරකම් කරලා.  

කුකුලන් 240 දෙනකු සොරකම් කර ඇති පුවතක් හතරලියද්ද පොල්වත්ත ප්‍රදේශයේ කුකුලන් ඇති කරණ ගොවිපලකින් වාර්තා වී තිබේ.

කුකුල් ගොවිපලේ කුකුලන් 2000ක් පමණ සිටි බව හා ඉන් 240 දෙනකු කූඩු දැල් කපා සොරා ගෙන ඇති බවයි හිමිකරු විසින් පොලිසියට පවසා ඇත්තේ.

 සොරුන් කවුරුන්දැයි තවමත් අනාවරණය කරගෙන නොමැති බවත් පොලිසිය විමර්ශන සිදු කරනු බව සදහන්වේ.

Exit mobile version