හදවත් රෝගීන් වැඩිවීමේ අවධානමක්.

මෙරට හදවත් රෝගී සංඛ්‍යාව වැඩි වීමේ අවධානමක් පවතින බවට කොළඹ ජාතික රෝහලේ හෘද ⁣රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ මහතා අවධාරණය කර තිබේ.

 මෙරට වායු දූෂණය ඉහළ යමින් පැවතීම මෙලෙස හදවත් රෝගී සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බවට ඔහු ප්‍රකාශ කළ බව වාර්තා වේ.

⁣මෙම තත්ත්වය මත මෙරට ජනතාව මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවත්, ජනතාව එළිමහනේ යන විට, හැකි සෑම විටම මුව ආවරණ පැළදීම යෝග්‍ය බවත් විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ හෘද රෝග සහ වායු දූෂණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම වායු දූෂණය, හෘද රෝගවලින් පෙළෙන රෝගීන්ට පමණක් නොව අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව, පිළිකා රෝග සහ නිදන්ගත පෙනහළු රෝග වැනි බෝ නොවන රෝගවලටද බලපාන බවට විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version