හදිසි අනතුරු නිසා වර්ෂයකට මිලියනයකට අධික ප්‍රමාණයක් රෝහල් ගත කරන බවත් , උත්සව සමයේ ඉදිරි සතිය තුළ එම ප්‍රමාණය ඉහළ යා හැකි බවත් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
“මේ කාලය ගත්විට ඇත්තටම සුවිශේෂී කාලයක්. අපේ තියෙන දත්ත අනුව දල වශයෙන් අපි අනතුරු ගැන කථා කළහොත් ලංකාවේ රෝහල්වලට නේවාසික ප්‍රතිකාර සඳහා වැඩිපුරම ඇතුළත් වෙන්නේ අනතුරු නිසා තමයි. එය දල වශයෙන් අවුරුද්දකට මිලියන 1.3ක් විතර වාර්තා වෙනවා. 2020, 2021 වසරේ යම් ප්‍රමාණයක් අනතුරුවල අඩුවීමක් තිබුණා. ඒ කොවිඩ් ගෝලීය අධි වසංගතය නිසා ඇති වුණු විවිධාකාර හේතු නිසා. ඒ වුණාට අපි දකිනවා නැවත වාරයක් එය වැඩිවෙමින් පවතිනවා. කෙසේ වුණත් මේ අවුරුද්ද පුරා තියෙන සමස්ත අනතුරුවලින් අපි දැක්ක දෙයක් තමයි එළඹෙන සතිය. ඉතාමත් තීරණාත්මක සතියක් වෙනවා. මොකද අපේ දත්තවලට අනුව දැක්ක දේ තමයි මේ සතියේදී මේ කාලසීමාවේ තමයි රජයේ රෝහල්වලට වැඩිපුරම වින්දිතයින් ප්‍රමාණයක් අනතුරුවලින් නේවාසිකව ප්‍රතිකාර ලබන්න රෝහල්වලට පැමිණෙන්නේ.”
