හදුනා නොගත් ලෝහමය ගෝලයක හැඩැති වස්තුවක් ජපානයේ වෙරළකට ගොඩ ගසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
එය මීටර් 1.5 ක විෂ්කම්භයකින් යුතු සුදු පැහැති වස්තුවක් බව කියයි.එය කුමන වර්ගයට අයත් වස්තුවක්ද යන්න ජපන් බලධාරීන් මෙතෙක් හදුනා ගෙන නොමැති බව වැඩි දුරටත් සදහන් කරයි.
මෙම වෙරළ කලාපයට සාමාන්‍ය ජනතාවට ඇතුල් වීමට නොදී වළක්වාලමින් තහනම් කලාපයක් බවට පත් කර ඇති බව කියයි.
