පාර හරහා මාරුවිමට ගිය හදුන් දිවියෙකු වාහනයක ගැටී ඊයේ (13) දින ජිවිතක්ෂයට පත්ව ඇති බව දිඹුල පොලිසිය පවසා තිබේ.
හදුන් දිවියා ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල රෝසිටා නගරය ආසන්නයේදිය.
හොදින් වැඩුණු ජිවිතක්ෂයට පත් හදුන් දිවියා ගොදුරු සොයා පැමිණි අවස්ථාවේ පාර මාරුවෙමින් සිටියදි හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වු වාහනයක ගැටි හදුන් දිවියා ජිවිතක්ෂයට පත්වන්නට ඇත් බව දිඹුල පොලිසිය සැක කරය.
මිය ගිය හදුන් දිවියා සම්බන්දයෙන් නුවරඑළිය වනජිවි කාර්යාලය වෙත දැනුම් දුන් බව දිඹුල පොලිසිය පැවසිය. සරත් සමර නායක.
