හෝමාගම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ධර්ම රශ්මි පොසොන් කලාපය හේතුවෙන් එම මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවට වාර්තා වේ.
මෙම විශේෂ රථවාහන සැලැස්ම හෙට සිට 05 වනදා දක්වා සෑම දිනකම පස්වරු 06 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
