හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිස් නිලධාරීන්ගේ මට්ටම බලන්න පුළුවන් – තලතා අතුකෝරළ .

හරක් කටාගේ ටෙලිෆෝන් පරීක්ෂා කළොත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි මට්ටම දැනගන්න පුළුවන් යැයි සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම කෙලින් වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ශ්‍රී ලංකා පොලිසියේ තැනක් නොමැති බවත් , පාතාලයේ අභියෝග වලට මුහුණ දෙන්න පොලීසියේ නිලධාරීන්ට සිදු වී තිබෙන බවත් ඇය සදහන් කරන ලදී .

තවද ඇය ප්‍රකාශ කළේ යහපාලන රජයේ සමයේ දී නම් ඇල්ලු මත්ද්‍රව්‍ය විනාශ කළ බවත් , දැන් වන්නේ කුමක්දැයි නොදන්නා බවත් , පොලීසියේ උසස් නිලධාරීන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගෙවීම් ලැයිස්තු වල ඉන්නා බවත් ය.

වැඩි දුරටත් අදහස් දක්වමින් තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරනු ලැබුවේ පොලිස් ඇමැතිතුමා සමඟ තමාට ප්‍රශ්නයක් නොමැති බවත් , එතුමා උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට නොමැති බවත් ය.

Exit mobile version