මීට දින කිහිපයකට පෙර සිටම විවිධ ව්‍යාපාරිකයන් ප්‍රධාන මාධ්‍ය හරහා ප්‍රචාරය කලේ හාල හිඟයක් ඇතිවන බවත්, දින කිහිපයකින් හාල් කිලෝව රුපියල් 500.00 ටත් වැඩි වන වන බවයි.
ප්‍රධාන ජනමාධ්‍ය සියල්ලම පාහේ ප්‍රචාරය කල එම පුවතින් මේ වනවිට ජනතාව කැළඹීමට ලක් වී තිබේ. අද උදෑසන රුපියල් 200 ට පමණ තිබු සහල් කිලෝව මේ වන විට (12.30) 270 වටද විකිනෙමින් පවතී. මේ තත්වය ප්‍රධාන නගර ආශ්‍රිතව දක්නට ලැබෙන අතර ඇති හැකි සියලුම දෙනා මේ වන විටත් තමන්ට හැකි අයුරින් සහල් මිලදී ගනිමින් සිටි.
අදාළ අමාත්‍යවරයා පවා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ භාණ්ඩ හිඟයක් නොමැති බවයි. නමුත් සහල් ව්‍යාපාරිකයන් කියා සිටියේ සහල් තිබෙන්නේ තව ටික කාලයකට පමණක් බවයි.
කෙසේ වෙතත් මේ වන විට තත්වය භයානක වෙමින් පවතින අතර රටේ සියල්ලම අයාලේ යමින් තිබේ. නමුත් ප්‍රධාන මාධ්‍ය ජාලා විසින් මෙම තත්වය පාලනය කිරීමට කටයුතු කල යුතු නමුත් ඔවුන්ම මේ වන විටත් රට ගිනි තබා තිබේ. පවතින තත්වයන් පෙන්වා දිම් ගැටළුවක් නොමැති වුවත් නොපවතින තත්වයන් සදහා ව්‍යාපාරිකයන් හරහා ජනතාව කලබල කිරීම නොකර යුතුව තිබුණි.
අද මේ වන විටත් බොහෝ නගරවල සීග්‍රයෙන් සහල් මිලදී ගැනීමක් සිදුවන බව අපට වාර්තා වේ. කෙසේ වුවත් සහල් තබා ගත හැක්කේ උපරිම මාස දෙකකට ආසන්න කාලයක් වේ.
