හැටන් මල්ලිඅප්පුව බස් නැවතුම් පල භුමිය තුල නාදුනන පුද්ගලයකු 16වන දින මිය යාමක් පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත.
මෙම ස්ථානයේ පුද්ගලයකු මිය ගොස් ඇති බවට හැටන් පොලිසියට ලද තොරතුරක් මත හැටන් පොලිස් ස්ථානයේ නිලධාරින් හා හැටන් පොලිසියේ සොකෝ අංශයේ නිලධාරින් විසින් මේ පිලිබදව වැඩි දුර පරික්ෂන ආරම්භ කල බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ මිය ගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 50ක් පමන වන බවට සැක කරන බවත් මෙම පුද්ගලයාගේ අන්‍යතාවය සොයා ගැනිම සදහා වැඩි දුර පරික්ෂන පවත්වන බවත්ය.
මෙම මරනය පිලිබදව හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත කරුනු වාර්ථා කර මහේස්ත්‍රාත් තුමන් විසින් ස්ථානිය පරික්ෂනය කිරිමෙන් අනතුරුව වැඩි දුර පරික්ෂන සදහා මල සිරුර දික්ඔය මුලීක රෝහල වෙත ගෙන යාමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
