හැටන් බස් නැවතුම බාගෙට හදලා – මුදල් නාස්තියක් .

හැටන් බස් නැවතුම්පොල භුමිය නවීකරනය කලද එම නවීකරනය කිරිමේදී පැවති විවිධ නිසි සමානතාවයක් (ලෙවල් කිරිමක්) නොමැතිකම නිසා තැන තැන වැසි ජලය පිරීම හේතුවෙන් එම බස් නැවතුම්පොල භුමිය ඉතා කෙටි කලකින් විනාශවිමේ අවදානමක් හට ගෙන ඇති බව වාර්තා වේ .

මෙම තත්වයන් පිළිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ රුපියල් ලක්ෂ 34ක පමණ මුදලක් වැය කර මෙම බස් නැවතුම්පොල භුමිය නවීකරනය කළද එම භුමිය නිසි ලෙස සමානතාවයක් නොමැතිව සිදු කිරිමත් සමග එහි වැසි ජලය නිසි ලෙස ගලා නොයා සමහර ස්ථානවල වැසි ජලය රැදී පවතින බවයි.

මෙම තත්වයන් මත එම බස් නැවතුම්පොල භුමිය කෙටි කලක් තුළදී විනාශ වීමේ අවදානමක් පවතින බවත් , මේ පිළිබදව කඩිනමින් අදාළ නිලධාරීන්ගේ දැඩි අවදානය යොමු විය යුතු බවත් එම පිරිස් වැඩි දුරටත් පවසති.

එමෙන්ම මේ පිළිබදව කරන ලද විමසීමකදී අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම බස් නැවතුම්පොල භුමියේ සමහර ස්ථානවල විශාල ප්‍රමාණයේ වලවල් වසා තාර දැමීමේදී යම් යම් ස්ථානවල මෙසේ ජලය රැදෙන බව මේ වන විට දැක ගැනිමට හැකි බවත් , එම ස්ථාන කඩිනමින් නිසි ලෙස සකස් කර ක්‍රමානුකුලව මෙම බස් නැවතුම්පොල නඩත්තු කිරීමේ කටයුතු සිදු කිරීමට නගර සභාව මගින් පියවර ගන්නා බවත්ය.

Exit mobile version