වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් ලෙසට සංවර්ධන කිරීමට සැලසුම් කර ඇති බව පවසා තිබේ.
මේ වනවිට එම ගුවන් තොටුපොළේ සියලු පරිපාලන හා නඩත්තු කටයුතු මෙන්ම මෙහෙයුම් කරනු ලබන්නේද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි.
එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ ගුවන් හමුදාව යුධ සමයේ සිට මේ වනතෙක් මෙහෙයුම් කටයුතු සඳහා පරිහරණය කළ අතර මෙය ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් බවට පරිවර්තනය කිරීමෙන් පොළොන්නරුව, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල වැනි සංචාරක ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් වඩාත් හොඳින් ආකර්ශනය කරගැනීමට හැකි වන බවත් එමගින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවයි.
