හෙට කැපෙන්නේ මෙහෙමයි – ලංකා විදුලිබල මණ්ඩලය

මේ වන විට ශ්‍රී ලංකාව තුල පවතින විවිධ ගැටළු හේතුවෙන් දිනපතා සිදුවන විදුලි කප්පාදුවේ හෙට (26) කප්පාදුව සිදුවන අකාරය ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිවේදනය කර තිබේ.

A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12 ට තවදුරටත් පැය 5 ක් විදුලිය කප්පාදු කිරීමට යෝජිත බව සදහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය අද (25) පස්වරුවේ පැවසුවේ P,Q,R,S,T,U,V,W දක්වා කලාප අටේ විදුලි කප්පාදුව පැය 4 යි විනාඩි 40 ක් අඩුකර ඇත.

A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කෙරේ..

P,Q,R,S,T,U,V,W දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 40 විදුලිය කප්පාදු කරන බව ඔවුන් සදහන් කරයි..

Exit mobile version