හෙට කොළඹට විශේෂ ආරක්ෂාවක්.

හෙටට (1) යෙදී තිබෙන මැයි දිනය සදහා පැවැත්වීමට නියමිත මැයි රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම ඒ සදහා පොලිස් නිලධාරීන් 3500 ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව සදහන්.

Exit mobile version